Posts

ඉංගිරිසි බළඇණියේ මහනුවර යුද සැරිය

Image
ඉංගිරිසි බළඇණියේ මහනුවර යුද සැරිය ----------- නිමේෂ තිවංකර සෙනෙවිපාල  අදින් හරියට ම අවුරුදු 218 කට පෙරාතුව, මහනුවර රාජධානිය සියතට ගැනීම පිණිස ජෙනරාල් වෙමීස් විසින් සැලසුම් කරන ලද හදිසි ආක්‍රමණය පිළිබඳ සැලසුම අවුල් වී යාමෙන්, මඩකලපුව කොටුවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ කපිතාන් ආතර් ජොන්ස්ටන් පත්වූයේ බලවත් අන්තරාවකට ය. 305 දෙනෙකුගෙන් සමන්විත වූ කුඩා සේනාංකයක් සමඟ 1804 සැප්තැම්බර් 20 වැනි දා මඩකලපුවෙන් පිටත් වූ ඔහු, දින 16 ක ඇවෑමෙන් ඔක්තෝබර් 6 වැනි දා මහනුවරට පැමිණියේ ය. දින දෙකක් නගරය අල්ලාගෙන සිටි ඔහු, අනපේක්ෂිත බියජනක අත්දැකීම් රැසකට මුහුණ දෙමින් සිටි ඔහු, ත්‍රිකුණාමලය දක්වා දුෂ්කර පසුබෑමක් සඳහා සිය බලඇණියට නියෝග දුන්නේ ය.  මේ දුෂ්කර සංග්‍රාමික අත්දැකීම සම්බන්ධයෙන් කපිතාන් ආතර් ජොන්ස්ටන් විසින් ලියා, 1810 දී ලන්ඩන් හි දී පළ කරන ලද, Narrative of the operations of a detachment in an Military Expedition to Candy කෘතිය, 1815 මහනුවර ආක්‍රමණය සඳහා බ්‍රිතාන්‍යය හමුදාවන්ට අත්පොතක් වූ බව පෙනේ. මෙම දුර්ලභ ඓතිහාසික කෘතිය පළමුවරට සිංහලයට නඟන්නට ලැබීම අප ලැබූ භාග්‍යයක් සේ හැඟේ. එය නුදුරු...

රුවන්වැලි සෑ ගර්භයට පිවිසෙන රහස් උමග

Image
 රුවන්වැලි සෑ ගර්භයට පිවිසෙන රහස් උමග ===================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි. ලංකාවේ පූජනීය ම දාගැබ හැටියට සැලකෙන, අනුරාධපුරේ රුවන්වැලි සෑය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ. දුටුගැමුණු සහ සද්ධාතිස්ස කියන රජවරු දෙන්නා ම මේ මහා සෑයේ ඉදිකිරීමට හවුල්. නිර්මාණ කාලයේ ඉඳන් ම, රුවන්වැලි සෑය එක්ක අපූරු සාහිත්‍යයක් ගොඩ නැගිලා තියෙනවා. ඒක සමහර විට අතිශයොක්තිය වගේ ම, සමහර විට සත්‍යය මත යි ගොඩනැගිල තියෙන්නෙ.  රුවන්වැලි සෑයට පුදසත්කාර කරපු රජවරු අතර සුවිශේෂී ම කෙනෙක් තමයි, ක්‍රිස්තු පූර්ව 20 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 9 වෙනකම් රජ කරපු භාතිකාභය රජු. එතුමා, රුවන්වැලි සෑය අරභයා කරපු පුද පූජා ගැන වංසකථාවේ විශේෂ විස්තරයක් තියෙනවා.  දවසක් භාතිකාභය රජ්ජුරුවෝ මහා සෑයේ, නැගෙනහිර දොරටුවෙන් සෑ මළුවට ඇතුළු වුණා. ඒ වෙද්දී කරුවල වැටිලා තිබුණා ලා. භාතිකාභය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා. මේ වෙලාවේ, රජ්ජුරුවන්ට ඇහුණා කිසියම් පිරිසක් මිහිරි හඩින් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන් ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බ...

වසර පහක් වෙහෙස වී, මන්දාරම්පුර පුවතේ වෙනත් පිටපතක් සොයාගත් සැටි!

Image
 වසර පහක් වෙහෙස වී, මන්දාරම්පුර පුවතේ වෙනත් පිටපතක් සොයාගත් සැටි!  =================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල නුවර යුගයේ අප්‍රධාන ධාරාවේ ඉතිහාසය ගවේශනය කරන ඕනෑම කෙනෙකු විසින් අනිවාර්යයෙන් ම පරිශීලනය කළ යුතු මූලාශ්‍රයක් වන මන්දාරම්පුර පුවත, විශ්වාසනීය මූලාශ්‍රයක් හැටියට යොදාගන්නට බැරි බවට ආචාර්ය කිත්සිරි මලල්ගොඩ කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන මහාචාර්ය ගණනාථ ඔබේසේකර සමඟ කරපු සොයාබැලීමක් ගැන නන්දන වීරරත්න [Nandana Weerarathne] පසුගිය දා ක ලියලා තිබුණා.  ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ මන්දාරම්පුර පුවත සංස්කරණය කරලා, 1958 දී පළ කළාට, ඊට පාදක කරගත්ත පිටපත් ගැන ප්‍රාමාණික ඉදිරිපත් කිරීමක් කරලා නැහැ. නමුත් ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ තමන්ගේ පොතට ලියන සංඥාපනයේ ලියනවා, පුස්කොළ පිටපත් හයක් විතර පරිශීලනය කරලා තමන් සංස්කරණය කරපු විස්තරයක්. උන්වහන්සේ පරිශීලනය කළා ය කියන පුස්කොළ පිටපත් තිබුණා ය කියන්නේ අස්ගිරි මහා විහාරයේ.   සොයා ගනු ලැබූ කඩදාසි පිටපත මන්දාරම්පුර පුවත ගැන මගේ උනන්දුව ඇති වුණේ 2010-11 කාලේ දී වගේ. 2011 දී වගේ ‘දා හතර වැනි සියවසේ දොර උලුවහු’ ගැන කරපු ‘ගම්...

මහ වැදි රටේ කුකුළාපොල කිරිඅම්මාට යාදිනි

Image
 මහ වැදි රටේ කුකුළාපොල කිරිඅම්මාට යාදිනි ====================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල නුවර කලාවිය වගේ ම, ඌව-වෙල්ලස්ස කියන්නෙත් ලාංකීය සභ්‍යත්වයේ තවත් එක් වැදුම්ගෙයක්. නුවර යුගය වෙනකොට, බින්තැන්නේ මහ වැදි රට, වෙල්ලස්ස, පානම් පත්තුව වගේ කෑලිවලට කැඩිල දිසාවනි, රටවනි හැදුණාට ඌව-වෙල්ලස්ස කියන, ලංකාද්වීපයේ අග්නි දිග මහා තැනිතලාව මුලු ඉතිහාසෙ පුරාවට ම ලංකාවේ ප්‍රාණ නාළිය වෙලා තිබුණා. අටසිය දහ අටේ දි සුද්දව දණගස්සපු සිංහලේ මහා කැරැල්ලට පණ දීපු කරුමෙට යාය ගණන් කෙත් වතු ගිනි ලා ලා විනාස නොකරන්න, අද වෙනකොට ලංකාවෙ සශ්‍රීක ම භූමිභාගය වෙන්න තිබුණෙ ඌව වෙල්ලස්ස.  ඌව වෙල්ලස්සේ, කොතැන බිම හෑරුවත් මතු වෙන්නේ ඉතිහාසය. ගහක් ගලක් ගානෙ ජනකතා ජනශ්‍රැති විතරක් නෙවෙයි, දෙවි දේවතාවොත් වැහි වැහැල. බණ්ඩාර හැටහත් කට්ටුවට වලංගු කෙරෙන බොහොමයක් දෙවිගොල්ල වැඩවසන්නෙත් මේ භූමි භාගයේ. ඌව වෙල්ලස්ස කියන්නෙ ම මහා පින්වන්ත පොළොවක්! ඌව වෙල්ලස්සෙ ඉන්නව කිරිඅම්මල හත් දෙනෙක්. ඉඳිගොල්ලේ කිරිඅම්මා, උනාපානේ කිරිඅම්මා, කන්දේ කිරිඅම්මා, දිවැස් කිරිඅම්මා, වෙල්ලස්සේ කිරිඅම්මා, බිලි කිරිඅම්මා සහ කුකුළාපොල කිරිඅම...

ජෝන් ඩොවිල් මුදියන්සේලාගේ වික්‍රමසිංහ

Image
 ජෝන් ඩොවිල් මුදියන්සේලාගේ වික්‍රමසිංහ  ================================== 1815 මාර්තු මාසෙ දෙ වැනි දා, සුද්දා ගිවිසුමකින් උඩරට යටත් කරගත්තේ උන්ගේ දක්ෂතාවයක් නිසා ම නෙවෙයි. ඒකට අප්‍රකට පසුබිමක් තියෙනවා.  1815 පෙබරවාරි මාසෙ ඇහැලේපොළ, වලපනේ දි උඩරට රදල ප්‍රධානීන් කිහිපදෙනෙක් එකතු කරගෙන පවත්වනවා එක්තරා රැස්වීමක්. මේකෙදි ඇහැලේපොළ, ස්ථිරව ම කියනවා, සුද්දාට නුවරට එන්න උපකාර කරන්ඩෙය, ඊටපස්සෙ පිලිමතලව්වෙ 1803 දි හිතාන හිටපු හැටියට තමන් සුද්දගෙන් ආණ්ඩුබලය අත්පත් කරගන්න කටයුතු කරනවාය කියලා. මේ විස්තරේ තියෙන, මෙතෙක් අප්‍රසිද්ධ ව තිබුණ ලිපිය තව ටික දවසකින් ප්‍රකාශයට පත් කරන්න හිතාගෙන ඉන්න නිසා දැන් ම වැඩි විස්තරයක් කියන්නෙ නෑ මෙතැන. එතැන දි මොඬරුවිල, දස්කර, මඩුගල්ල, උනම්බුව, පිලිමතලව්ව, ගලගම, මොල්ලිගොඩ, ඇල්ලේපොළ, ගිරාගම, පලිපාන වගේ කණ්ඩායමක් රැස් වෙලා රහසිගත ව තීරණය කරනවා, උඩරටට ඇතුලු වෙන්න සුද්දට ඉඩ දීලා, රජ්ජුරුවන්ව බලයෙන් පහ කරලා, සුද්දගෙ ආධාර ඇතුව පිහිටුවන සිංහල ආණ්ඩුවේ සාමන්තයා හැටියට ඇහැලේපොළ ව පත් කරන්න. සාමන්ත පාලනය ටික දවසක් කරගෙන ගිහින් මාස හයකට පස්සේ සුද්දට ගහල පන්නන්නත් උ...

මානවම්ම පරපුරේ වික්‍රමසිංහ

Image
 මානවම්ම පරපුරේ වික්‍රමසිංහ ======================== සිරසේ ඉන්ටවීව් එකක, එක්තරා නිවේදිකාවක්  රනිල්ගෙන් අහනවා, ලංකා සංස්කෘතිය ගැන මොනවද දන්නේ කියලා. ඒ වෙලාවෙ, කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් දෙන රනිල්, මානවම්ම ගැන කියවගෙන කියවගෙන යනවා. එදා අපි එච්චර නොහිතුවට, රනිල් කට ඇරියොත් මානවම්ම ගැන ම කතා කළේ ඇයි කියල තහවුරු වූයේ අද! මේ සටහන ඒ ගැන. රනිල්ගෙ ආගමනය සහ දේශපාලන සන්දර්භයේ ස්වභාවය ගැන මතකයේ තියාගෙන ම මේ හෑල්ල කියවලා බලන්න. රටේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට දකුණු ඉන්දියාවේ දේශපාලන උපකාර ලබාගැනීම්වල ප්‍රතිඵලයක් හැටියට හත්වැනි ශතවර්ෂෙ මැද භාගය වෙනකොට දේශපාලන යාන්ත්‍රණය සෑහෙන දුර්වල වෙලා තිබුණෙ.  රා.ව. 650 දී දෙ වැනි කාශ්‍යප රජ වෙන්නේ, පළමු වැනි දාඨෝපතිස්ස ව ඉන්දියාවට පළවා හැරලා. රටේ පාලනය භාරගත්තත්, කාශ්‍යප ඔටුනු පැළැන්දේ නැහැ. දාඨෝපතිස්ස ආපහු දකුණු ඉන්දීය කුලී හමුදාවක් ඇරගෙන යුද්ධෙට ආවත්, කාශ්‍යපට පුලුවන් වෙනවා, දාඨෝපතිස්ස මරල ජයගන්න. මේ කාශ්‍යප, එක අවස්ථාවක ථූපාරාමය යි, දක්ෂිණ ථූපය යි බින්දා කියල ත් චෝදනාවක් තියෙනවා. සමහර විට, කුලී හමුදාවලට විශාල වශයෙන් වැටුප් ගෙවන්න වුණ නිසා, ...

භාරතයේ බෝධිසත්වයා : ආචාර්ය අම්බෙද්කාර්

Image
  භාරතයේ බෝධිසත්වයා : ආචාර්ය අම්බෙද්කාර්  අප්‍රේල් 14 වැනි දා, ආචාර්ය බී. ආර්. අම්බෙද්කාර් ශ්‍රීමතාණන්ගේ 131 වැනි ජන්ම සංවත්සරය යෙදෙන දිනය යි. වී. ටී. රාජශේඛර්ට අනුව, බුදුරජාණන් වහන්සේට පසුව ඉන්දියාව බිහි කළ ශ්‍රේෂ්ඨත ම මිනිසා මේ අම්බෙද්කාර් ය. හින්දුන් විසින් පවා මහත්මා ගාන්ධිට පසුව, වඩාත් ම ශ්‍රේෂ්ඨ ඉන්දියානුවා වශයෙන් සලකනු ලබන්නේ, ආචාර්ය අම්බෙද්කාර් සම්බන්ධයෙනි. සල්මන් රුෂ්ඩි සඳහන් කරන්නේ, අම්බෙද්කාර් යනු, දාලිත් නම් කුල හීන සමාජය තුළ අම්බෙද්කාර් කෙරෙහි ඇති පිළිගැනීම අභිමුඛයෙහි ගාන්ධි  යනු ලිලිපුට්ටෙකුට සමාන වන බව යි.  එබැවින් ඔහු පිළිබඳව කෙටි සටහනක් තැබීම මෙම අවස්ථාවේ වැදගත් වන්නේ අන් කිසිවක් නිසා නොව, සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා සංහිඳියා මාවතේ ගමන් ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඔහුගේ ජීවන වෘත්තාන්තය ඇසුරින් උගත හැකි නිසා ය.  ඔහු හැඳින්වීම තනි වෘත්තීය නාමයකින් කළ නොහැක. ඉතිහාසඥයෙකු, ලේඛකයෙකු, දේශපාලනඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, බැරිස්ටර්වරයෙකු, සමාජ ශෝධකයෙකු, ගුරුවරයෙකු, න්‍යායාචාර්යවරයෙකු ආදි වශයෙන් කවර ආභිධානයකින් ව්‍යවහාර කරනු ලැබූව ද, ‘ශ්‍රේෂ්ඨ ඉන්දියානුවෙකු...

ඉතින් ආදරිය, කඩා දැමූ අතින් ලියමි මම ඔබට!

Image
 ආදරිය, ලියමි මම ඔබට! ==================== ගිටාරයක් රැගත් කඩවසම් තරුණ විදේශිකයෙකුගේ රූපය සහිත රතු පාට පෝස්ටරයක් කලකට පෙර අප නිවසේ තිබුණි. ඒ කවුදැයි තාත්තා වෙතින් අසා දැනගත්තේ කවදාදැයි මට මතක නැත. එහෙත් ඒ රූපය, වික්ටර් හාරා (Victor Jara) නම් චිලී ජාතික වීරයෙකුගේ බව මම දැන සිටියෙමි.  1971 සැප්තැම්බර් මාසයේ 11 වැනි දා, දකුණු ඇමරිකානු මහාද්වීපයේ චිලී රාජ්‍යයේ බලය අනීතික අන්දමින් සියතට ගැනීමට හමුදා නායක, ඔගස්තො පිනොෂෙ (Augusto Pinochet) සමත් විය. ඉන් ආරම්භ වූ අතිශය පිළිකුල් සහගත ඉතිහාස පරිච්ඡේදය විසින් බොහෝ වීරයන් නිර්මාණය කරනු ලැබී ය.  වීරයන් උපදින්නේ තමාගේ ඕනෑකමට නොවේ; ඉතිහාසයේ ඕනෑකමට ය. 1970, සැල්වදෝර් අල්ලන්දේගේ (Salvador Allende) සමාජවාදී මැතිවරණ ව්‍යාපාරය තුළ කැපී පෙණුනු භූමිකාවක් නිරූපණය කළ, වික්ටර් හාරා වීරයෙකු වශයෙන් ඉස්මතු කරනු ලැබුවේ, දුර්දාන්ත හමුදා පාලක පිනොෂෙගේ පාලනය විසිනි. පාලන බලය සියතට ගනු ලැබූ පිනොෂෙගේ හමුදාව, රට පුරා ම දැඩි මර්දනයක් ක්‍රියාත්මක කළේ ය.  සිය මව සහ පියා වෙනුවෙන් ගැයූ Te recuerdo Amanda හෙවත් I remember you Amanda නම් ගීතය ඒ වන විටත්, චිලී...

අවිහිංසාවාදයේ මව වූ කස්තුර්බා මැතිණිය

Image
අවිහිංසාවාදයේ මව වූ කස්තුර්බා මැතිණිය  ==================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි.  සිරගත ව සිටිය දී ම මරණයට පත් වූ, නිදහස් ඉන්දියාවේ මාතාවගේ 153 වැනි සැමරුම අද යි.  මහත්මා ගාන්ධි යනු අවිහිංසාවාදයේ පියා නම්, අවිහිංසාවාදයේ මව වන්නේ ඇය යි.  ගාන්ධි යනු නිදහස් ඉන්දියාවේ පියා නම්, නිදහස් ඉන්දියාවේ මව වන්නේ ඇය යි. ඉන්දියානුවන් විසින්, 'බාපු' හෙවත් 'පියතුමා' යනුවෙන් ආදරයෙන් ඇමතූ 'මහත්මා ගාන්ධි' විසින් සිය භාර්යාව ආමන්ත්‍රණය කරන ලද්දේ 'බා' හෙවත් 'අම්මා'යන ආදරණීය නාමයෙනි. ඇය 'ඉන්දියාවේ මව' ද වූවා ය. මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි (Mohandas karamchand Gandhi) හෙවත් මහත්මා ගාන්ධිගේ නීත්‍යනුකූල බිරිඳ වූ කස්තුර්බා ගාන්ධිගේ (Kasthurba Gandhi) 153 වැනි ගුණානුස්මරණය යෙදෙන්නේ පෙබරවාරි 22 වැනි අද දිනට ය.  ගාන්ධිගේ අවිහිංසාවාදී සටන් භාවිතාව, ලංකාවේ නිදහස් ව්‍යාපාරය කෙරෙහි ඇති කරන ලද බලපෑම සුළුපටු නොවේ. ලංකා ජාතික සංගමයේ අධිරාජ්‍ය විරෝධය කෙරෙහි ඉන්දියානු අවිහිංසා සටන්වලින් ලද ආදර්ශය කිසිලෙසකින් හෝ අවතක්සේරු නො කළ යුතු ය.  ඉන්දියාවෙන් පිටත...

නිදහස පතා සිදු වුණු ජනතා නැගිටීම් අට

Image
නිදහස පතා සිදු වුණු ජනතා නැගිටීම් අට =================================== අතීතකාමය ම මිස අපට ඇති ලබුකැටයක් නැත. අපි ‘අභිමානය’ යනුවෙන් වහරන්නේ එකී අතීතය ය. වර්තමානයේ අපට අභිමාන උපදවාගන්නට ඇති එක ම කාරණය වන්නේ, දශකයකට පමණ පෙර ලැබූ මිලිටරි ජයග්‍රහණය පමණි. ඒ නිසා, එය ද අපගේ ‘අභිමාන’ හේතුපාඨයක් බවට පත් ව තිබේ. අධ්‍යාපන, පරිපාලන, සෞඛ්‍ය, පොදු පහසුකම්, නීතිය, ආගම, සංස්කෘතිය, විද්‍යාව, තාක්ෂණය, ප්‍රවාහන ආදි කිසිවකින් අපට අභිමාන ඇති කරගැනීමට නොහැකි ය. එබැවින් අප, අභිමාන රහිත ජාතියකි. ඇත්තේ අතීතකාමයක් පමණි. අතීතකාමය, අභිමානයක් සේ වරදවා වහරමින්, අභිමාන උපදවා ගැනීම විනා අපට ඇති කෙංගෙඩියක් නැත. ගාලු මුවදොර හෝ නිදහස් චතුරස්‍රයේ ගමන් කරන හමුදා පෙළපාලියකින් අභිමානවත් වන්නට කැස කවනවා විනා, නිදහස් දිනය දා කියන්නට තරම් වටිනා දෙයක් අපට නැත. මෙය දශක හතක ශේෂ පත්‍රය යි. 1948 දී ඩොමිනීයන් තත්වයක් යටතේ අපට ලබාදෙන ලද්දේ, ඒ වන විට ආර්ථික හා දේශපාලනික වශයෙන් දුර්වල වූ ලොම් හැලුණු කිරීටයක භෞතික බලපෑමෙන් තරමක් දුරට නිදහස් වූ අර්ධ ස්වයං පාලන අයිතිවාසිකමක් පමණක් වන අතර, 1972 ජනරජකරණය තෙක් ම එම තත්ත්වය බලපැවතුණේ ය. 197...