Posts

Showing posts from June, 2021

"මහනුවර ආක්‍රමණය - 1804"

Image
 "මහනුවර ආක්‍රමණය - 1804" "වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්‍රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ජොන්ස්ටන්ගේ Narrative of the Operations of a detachment in an Expedition to Candy (1810) කෘතියේ අසම්පූර්ණ සිංහල පරිවර්තනය සහ එම මෙහෙයුම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්" යන මාගේ අලුත් ව්‍යායාමය පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් Channa Karunaratne මහතා විසින් තබන ලද පූර්ව හඳුන්වාදීම පිළිබඳ ව ස්තූතිවන්ත වෙමි! එම සටහන පහත පළ වේ. ================================= ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීම සඳහා 1804 සැප්තැම්බර් 24 වනදා ආරම්භ කල අසාර්ථක මෙහෙයුමේදී මහනුවර නගරය අල්ලාගෙන දින දෙකක්ම එහි රැඳී සිටි රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන් ආර්තර් ජොන්ස්ටන්ගේ හුදෙකලා වීර ප්‍රයානය පිලිබඳව හිතවත් ඉතිහාසඥ නිමේෂ තිවන්කර සෙනෙවිපාලයන් විසින් සිදුකරන ලද පර්යේශනාත්මක අධ්‍යයනයක් පදනම් කරගනිමින් ඔහු විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත 'කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ මහනුවර ආක්‍රමණය - 1804' කෘතියෙහි පළමු කෙටුම්පත කියවා හමාර කලෙමි. ශ්‍රී ලකා පරිපාලන සේවයේ නිලධ...

ගම්පොළ යුගයේ පර්වත විහාර සංකල්පය

Image
  ගම්පොළ යුගයේ පර්වත විහාර සංකල්පය ලංකාවේ සයවැනි රාජධානිය වූ ගඟසිරිපුර රාජධානිය වූ කලි විවිධ ක්‌ෂේත්‍රයන්ගෙන් සුවිශේෂී වූ වෙනස්‌කම් රැසකට මුල පිරූ වකවානුවක්‌ විය. සිතුවම් කලාව- ප්‍රතිමා කලාව - වාස්‌තු විද්‍යාව ඇතුළුව සියලු අංශයන්ගෙන් මෙකල සිදුවූ පරිවර්තනයන් අතිශයින්ම සුවිශේෂී වේ. ගම්පොළ යුගය පැවති කාලවකවානුව වනුයේ ක්‍රි.ව. 1341 - 1415 (සෙනෙවිපාල ( 25 පිට) අතර කාලයයි. මෙම වකවානුව තුළ සමස්‌ත ලංකාද්විපයේ ම නුවූවත් වැඩි කොටසක බල ව්‍යාප්තියක්‌ සිදුකර ගැනීමට ගම්පොළ රජුන්ට හැකිවිය. මෙම යුගයේ සිදුවූ සුවිශේෂී පරිවර්තනයන් බොහොමයක්‌ කෙරෙහි මුඛ්‍ය සාධකය වශයෙන් බලපා තිබෙන්නේ එකල පැවති හින්දු සංස්‌කෘතික බලපෑමයි. විශේෂයෙන්ම දකුණු ඉන්දියානුවන් පිරිසක්‌ වූ ආර්ය චක්‍රවර්තීවරුන් ලංකාවේ උතුරුදිග යාපනය ප්‍රධාන කොටගත් වෙනම පාලන ඒකකයක්‌ පවත්වාගෙන යැම මේ තත්ත්වය කෙරෙහි යම් බලපෑමක්‌ සිදුකර නැතැයි කිව නොහැකිය. එමෙන්ම ගම්පොළ රජුන් ප්‍රධාන වශයෙන් භාරතය සමඟ සංස්‌කෘතික හා කලා සම්බන්ධතා පවත්වාගෙන තිබේ. ගම්පොළ යුගයේ ඉදිවූ සුවිශේෂී ම විහාරයක්‌ සේ ගැනෙන සිව්වැනි බුවනෙකබාහු රජතුමා විසින් කරවූ ගඩලාදෙණිය විහාරයේ පිහිට...

කුණ්ඩසාලේ තුන්ආසනය

Image
කුණ්ඩසාලේ නරේන්ද්‍රාසිංහාරාම රජමහා විහරයේ ඇති මෙහි දැක්වෙන ආසනය පිළිබඳව පසුගිය දිනවල විවිධ අදහස් ඉදිරිපත් ව තිබුණි. අයෙකුට අනුව එය රහස් මන්ත්‍රණ සඳහා යොදාගනු ලැබූවකි. අයෙකුට අනුව එකගෙයි කන තිදෙනෙකු උදෙසා නිමවන ලද්දකි. මේ අදහස් දෙක ම සාවද්‍ය බව පෙනේ. ඒ දෙක සඳහා ම විශේෂ ආසන සෑදවීමේ ප්‍රායෝගික අවශ්‍යතාවක් නැත. මෙම ආසනය අප විසින් නිරීක්ෂණය කළේ 2014 දී පමණ ය. විහාරයේ තැන්පත් කර ඇති මාහැගි පුරාවස්තු රාශියකි. ඒ සියල්ලම පාහේ 1805 දී කපිතාන් ආතර් ජොන්ස්ටන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබූ කුණ්ඩසාලේ රජ මාලිගාවට අයත් දෑ බව පෙනී යයි. නරේන්ද්‍රසිංහ රජුට අයත් සැට්ටය ඇතුළු රෙදි, දියතරිප්පු, කඩු කස්තාන, හෙප්පු, කිල්ලෝට, අවුඅතු, සේසත්, මුරායුධ ආදි නොයෙක් රාජකීය භාණ්ඩ එහි තිබේ. මෙම ආසනය ද එම වකවානුවට ම අයත් බව අපගේ අදහසයි. රජ මාලිගය ගිනි තබා විනාශ කරන්නට පළමුව එහි තිබූ සියලු වටිනා භාණ්ඩ යම් තැනකට ගෙන යන ලද අතර, මෙම අසුන ද ඒ භාණ්ඩ අතරට අයත් විය යුතු ය. සාමාන්‍යයෙන් පසුකාලීන ඇතැම් වලව්වල ඉහළ මාලයේ සීමැදුර හෙවත් නරඹන ශාලාවේ ඒ සඳහා විශේෂ ආසන තිබූ අතර, එමගින් කැමති දිශාවක් බලා හිඳගෙන අවට නිරීක්ෂණය කළ හකි ...

1908 දි ගම්පොළ තොටුපොළ

Image
 1908 දි ගම්පොළ තොටුපොළ.  එහා ඉවුරෙ තියෙන්නෙ නාවලපිටිය පැත්තට යන පාර. කෝපි වගාවත් එක්ක ලංකාවෙ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වෙන්න පින තිබුණ ප්‍රදේශයක් වුණත්, ඒ අවස්ථාව ගම්පොළින් මග හැරෙන්නේ අවාසනාවන්ත ආකාරයට.  අර පාර දිගේ තියෙන කරත්ත, ගම්පොළ ඉඳන් කොළඹට පටවන ඒවා. පාර හදන්න කපල තියෙන කන්ද වහගෙන දැන් ගොඩනැගිලි හදල තිබුණට, ඊට උඩ තැනක තමා 1803 රාජසිංහ රජ්ජුරුවො තාවකාලිකව ලැගුම් ඇරන් හිටියෙ. දුරින් පේන ගොඩනැගිලි මොනවද කියල හිතාගන්න අමාරුයි. මට හිතෙන හැටියට ඒ කෝපි ගබඩා වෙන්න ඕන. පුස්සැල්ලාව, උලපන ඇතුලුව වටේට ම වවපු කෝපි තොගත් ගම්පොළ දි එක්රැස් කරලයි කරත්තවලින් කොළඹ පැටෙව්වෙ.  ටිකක් විශාලෙට පේන උස ගොඩනැගිල්ල මොකක් ද? මගේ අදහස තමයි ඒ තියෙන්නෙ ශාන්ත අන්දෲ දේවස්ථානය කියල. මේ දේවස්ථානය 1864 දි යි ගොඩනංවන්නේ. මේ වකවානුව වෙනකොටත් තානායමක් ගම්පොළ තිබුණා. ඒ කාලෙ තානායම් හැදුවෙ ප්‍රධාන මර්මස්ථානවල. වම් පැත්තෙන් මහවැලියට එකතු වෙන දියපහර තමයි උලපනේ ඉඳන් එන මැද ඇල හෙවත් කීරපන ඔය. වම් පැත්තේ යාන්තමට පේන කන්ද, අම්බුළුවාව.  මේ පිංතූරෙ පේන තොටුපොළ නිසා තමයි ගම්පොළට, ගඟ පොළ හෙවත් ගංගාවෙ න...

මැදවල විහාර සිතුවම් කිහිපයක්

Image
 මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදවල පිහිටි මැදවල විහාරය, 18 වැනි සියවසේ ටැම්පිට විහාර සම්ප්‍රදාය පිළිබදව පවතින හොඳ ම නිදර්ශකයකි. රාජ්‍ය වර්ෂ 1755 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දුනුවිල මුදලියාගේ අධීක්ෂණයෙන් යුතුව පනම් 15600 ක පිරිවැයක් දරා මෙම විහාර කර්මාන්තය කරවන ලද බව මැදවල සන්නසෙහි දැක්වේ. විහාර ගෙයි අභ්‍යන්තරයේ උරග ජාතකය සහ වෙස්සන්තර ජාතකය සිතුවම් කර ඇත.  Nimesha Thiwankara Senevipala

කොස් ගෙඩියට අදාල ජනවහරේ පැනෙන නම්

Image
 කොස් ගෙඩියට අදාල ජනවහරේ පැනෙන නම් ----------- නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි.  කොස් යනු බත් ගෙඩිය යැයි කියා අතීතයේ වහරන ලද්දේ නිකම් නොවේ. කවර හෝ සාගත සමයෙක වේවා, දුගීදුප්පතුන්ගේ ආහාර වේල පිරිමසා ගැනීම පිණිස වේවා කොස් ගෙඩිය දෙවියෙකු හා සම තැන් ගත්තේ යැයි කීම වැරදි නැත. වෙසෙසින්, ගෙවෙන අද වන් සමයෙක මෙන් ම,  නුදුරෙහි එළඹිය හැකි සායක දී වුව කොස් ගස දෙවියෙකු වනවා නොවනුමාන ය. කොස් ගෙඩිය හා බැඳි නම් රැසක් ජනවහරෙහි එයි. ඒවා කිහිපයක් මෙහි ලා පළ කරමි. 1. පොළොස් - ළපටි කොස් ඵලය 2. වංකොස් - පොළොස් තත්වයට පසු අවස්ථාව 3. ගැට වංකොස් - එම 4. පෙති වංකොස් - එම 5. බත් පොලොස්  6. දඬු පොලොස්  7. කොස් රූන් - ගෙඩි හටගැනීමෙන් ඇතිවන රිකිලි 8. කොස් පනාමල් - ගෙඩි ඉපදීමට පෙර බොරුමල් 9. කොස්මීයා - පුහු මල් 10. දුවා ගෙඩි - එක නැට්ටේ ඇතිවන දෙකකින් කුඩා ගෙඩිය 11. මොව ගෙඩිය - එම, විශාල ගෙඩිය 12. නලු ඇටේ - ඵලය තුළ ම පැල වන ඇටය 13. මිඟිණි - ළපටි කොස් ඇටය 24. කැකිරි වැල -  පැත්තක් ඉදී පැත්තක් අමු මදුළු 25. නොහොර කොස් - හොඳින් තැම්බෙන කොස් 26. කොස් බුරුත්ත - කොස් පොකුර 27. කොස් හිවිඩ්ඩ - මදුලෙ...

ලංකාව යනු ලෝකයට සහල් අපනයනය කළ ‘පෙරදිග මහා ධාන්‍යාගාරය’ ද?

Image
 ලංකාව යනු ලෝකයට සහල් අපනයනය කළ ‘පෙරදිග මහා ධාන්‍යාගාරය’ ද?  නිමේෂ තිවංකර සෙනෙවිපාල ------------------------------------------------  මහා පරාක්‍රමබාහු සමයෙහි ලංකාව ‘පෙරදිග ධාන්‍යාගාරය’ යන නමකින් හැඳින්වුණිද යන්න පිළිබඳව සාකච්චාවක් ඉපිද තිබේ.  ඇත්ත වශයෙන් ම, එවැනි ආභිධානයකින් ලංකාව ව්‍යවහාර වූ බවට දෙස් දෙන කිසිදු මූලාශ්‍රයක් අපට හමුවන්නේ නැත. එහෙත් සාම්ප්‍රදායික වශයෙන් සමාජයේ මුල්බැසගත් ප්‍රවාදයක් ඒ ආකාරයෙන් පවතින බව නොරහසකි. මේ උභයභාවය උද්ගත වූයේ කිනම් ආකාරයකින් ද යන්න දැනගැනීමට බොහෝ දෙනා උනන්දු වනු ඇත.  ඇත්ත වශයෙන් ම, ‘ලංකාව වනාහි පෙරදිග ධාන්‍යාගාරය ය’ යනුවෙන් මතයක් සමාජගත ව තිබෙන්නේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයෙහි ඇති වූ සුවිශාල ආර්ථික හා සමාජයීය ප්‍රබෝදය හේතුවෙනි. ආර්ථික ශක්තියෙන් හීන වූ ජාතියක් වන අපට, ඒ අතීත අභිමානයෙහි පිහිටාධාරයෙන් හෝ ප්‍රීතිමත් වන්නට හැකි වීම සතුටක් වුවත්, ඇත්ත වශයෙන් ම අතීත ලංකා සමාජය ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත වූවාද යන්න වෙන ම කතා කළ යුතු මාතෘකාවක් වේ.  ලංකාවේ ආහාර පිළිබඳ ස්වයංපෝෂිතභාවය පිළිබඳව අපට පළමු ගැටලුව උද්ගත වන්නේ දුට්ඨගාමිණී ...

දකුණු ඉන්දියාවෙන් ආ කාමච්චි

Image
 දකුණු ඉන්දියාවෙන් ආ කාමච්චි ලංකාවේ තේ වතු ආශ්‍රිත ශ්‍රමිකයන් වශයෙන් දකුණු ඉන්දියානුවන්ගේ ආගමනය 1880-90 ගණන්වල ඉතා සුලබ වූවක් විය. නමුත් පැමිණියේ දකුණු ඉන්දීය ශ්‍රමිකයන් පමණක් ම නොවේ. ඔවුන්ගේ කලාශිල්ප, සංස්කෘතිකාංග ආදිය ද ඒ සමඟ ලංකාවට ආවේය. වතු ශ්‍රමිකයන් සමඟ පැමිණි එක්තරා සර්කස් කණ්ඩායමක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩට පැමිණ එතැන් සිය මාටුවාගල සහ එල්ලාවල ප්‍රදේශයට ද ගොස් සිය සර්කස් ප්‍රදර්ශනය කරන ලදී.  එම නාට්‍ය කණ්ඩායමේ සිටි රූමත් දෙමල තරුණියක හේතුවෙන් ඊට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. ඔවුන්ගේ නාට්‍ය වතු ද්‍රවිඩ ශ්‍රමිකයන් අතර පමණක් නොව, පාරම්පරික සිංහල ගැමියන් අතර ද ජනප්‍රිය විය. ඊට ප්‍රධාන හේතුව වූයේ යට කී රංගන ශිල්පිනිය වූවාට සැක නැත. ජනප්‍රවාදයට අනුව ඇගේ නම ‘කාමච්චි’ නම් විය.  කාමච්චි පිළිබඳව ජනශ්‍රැතියේ එන කවි කිහිපයක් මෙසේ ය.  නැව් මූදු නැව් පහුකර ඇවිදින් මෙසිංහලේ ගොඩබැස්ස ළමා රදල මහත්තැන් මුදලට ඉල්ලති දැකගන්ට ඇගෙ සෙල්ලමා කතෙක් ඔහොම නම් දැක නැත අපි ඇහුවෙත් නැත මෙතමා මතක් වෙලා කාමච්චිව නින්දක් නෑ ඇය දකින තුරා අල්ලා නෙරි රැල් ඉසිරී යන්නට කවුද ළඳේ නුඹ සැරසෙව්වේ ...

කන්දේ නුවර රජ්ජුරුවන්ගේ ආහාර වැළඳීම

Image
 කන්දේ නුවර රජ්ජුරුවන්ගේ ආහාර වැළඳීම =================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි  ---------------------------------------------------------- උඩරට රජුන්ගේ චාරිත්‍ර සම්ප්‍රදායන් ඉතා විසිතුරු ඒවා ය. ඉන්දියානු ආභාෂයත්, පෘතුගිසි ආදි බටහිර ජාතින්ගේ ආභාෂයත්, අරාබියානු/පර්සියානු මෙන්ම සියම් ආභාෂයත් ඇසුරින් වර්ණවත් ව සහ ක්‍රමික ව ගොඩනැගුණු ‘උඩරට ක්‍රමය’ තුළ මහරජුගේ බොජුන් වැළඳීමේ සිරිත ද වර්ණවත් වූවක් විය.  සුඛෝපභෝගී ආහාර වට්ටෝරුවකට අනුව සකස් වූ රස මසවුළු රජු විසින් පරිභෝජනය කරනු ලැබුවේ ද සාමාන්‍ය ක්‍රමයකට නොවේ. ආහාර පරිභෝජනයේ දී එතුමාට ම ආවේණික ක්‍රමයක් පැවති බව ද ඓතිහාසික විස්තරයන්ගෙන් ප්‍රකට වෙයි. රජ වාසල සේවයේ දෛනික ව සිදුවූ කටයුතුවලින් අතිශයින් ම සුවිශේෂී කර්තව්‍යයක් වශයෙන් ද රාජ භෝජනය පිළියෙළ කිරීම හා රජු විසින් එය පරිභෝජනය කිරීම හැඳින්විය හැකිය.  අතීතයේ දී සිංහලේ මහරජු විසින් භාවිත කළ ආහාර වට්ටෝරු පොතෙන් විශේෂයෙන් තෝරාගන්නා ලද ආහාර වර්ග හා අතුරුපස වර්ග ද පිළියෙල කරගැනීම මෙන්ම, මහරජු විසින් එකී ආහාර පරිභෝජනය කළ ආකාරය ද සිත්ගන්නා සුළු ය.  ...