කුණ්ඩසාලේ තුන්ආසනය
කුණ්ඩසාලේ නරේන්ද්‍රාසිංහාරාම රජමහා විහරයේ ඇති මෙහි දැක්වෙන ආසනය පිළිබඳව පසුගිය දිනවල විවිධ අදහස් ඉදිරිපත් ව තිබුණි. අයෙකුට අනුව එය රහස් මන්ත්‍රණ සඳහා යොදාගනු ලැබූවකි. අයෙකුට අනුව එකගෙයි කන තිදෙනෙකු උදෙසා නිමවන ලද්දකි.
මේ අදහස් දෙක ම සාවද්‍ය බව පෙනේ. ඒ දෙක සඳහා ම විශේෂ ආසන සෑදවීමේ ප්‍රායෝගික අවශ්‍යතාවක් නැත.
මෙම ආසනය අප විසින් නිරීක්ෂණය කළේ 2014 දී පමණ ය.
විහාරයේ තැන්පත් කර ඇති මාහැගි පුරාවස්තු රාශියකි. ඒ සියල්ලම පාහේ 1805 දී කපිතාන් ආතර් ජොන්ස්ටන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබූ කුණ්ඩසාලේ රජ මාලිගාවට අයත් දෑ බව පෙනී යයි. නරේන්ද්‍රසිංහ රජුට අයත් සැට්ටය ඇතුළු රෙදි, දියතරිප්පු, කඩු කස්තාන, හෙප්පු, කිල්ලෝට, අවුඅතු, සේසත්, මුරායුධ ආදි නොයෙක් රාජකීය භාණ්ඩ එහි තිබේ. මෙම ආසනය ද එම වකවානුවට ම අයත් බව අපගේ අදහසයි.
රජ මාලිගය ගිනි තබා විනාශ කරන්නට පළමුව එහි තිබූ සියලු වටිනා භාණ්ඩ යම් තැනකට ගෙන යන ලද අතර, මෙම අසුන ද ඒ භාණ්ඩ අතරට අයත් විය යුතු ය. සාමාන්‍යයෙන් පසුකාලීන ඇතැම් වලව්වල ඉහළ මාලයේ සීමැදුර හෙවත් නරඹන ශාලාවේ ඒ සඳහා විශේෂ ආසන තිබූ අතර, එමගින් කැමති දිශාවක් බලා හිඳගෙන අවට නිරීක්ෂණය කළ හකි විය.
කුණ්ඩසාලේ රජ මාලිගාව ඉදි කර තිබුණේ මදක් ඉහළින් පිහිටි බිමක් මත හාත්පස දර්ශනය වන පරිද්දෙනි. එහි සීමැදුරේ හෝ සඳලුතලයේ හිඳගෙන සිටිනු වස් මෙම අසුන උපයෝගී කරගන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
කුණ්ඩසාලේ රජ මාලිගය:
https://www.facebook.com/1362340120/posts/10217447138154687/?sfnsn=mo
Nimesha Thiwankara

Comments
Post a Comment