කොස් ගෙඩියට අදාල ජනවහරේ පැනෙන නම්
කොස් ගෙඩියට අදාල ජනවහරේ පැනෙන නම්
-----------
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි.
කොස් යනු බත් ගෙඩිය යැයි කියා අතීතයේ වහරන ලද්දේ නිකම් නොවේ. කවර හෝ සාගත සමයෙක වේවා, දුගීදුප්පතුන්ගේ ආහාර වේල පිරිමසා ගැනීම පිණිස වේවා කොස් ගෙඩිය දෙවියෙකු හා සම තැන් ගත්තේ යැයි කීම වැරදි නැත. වෙසෙසින්, ගෙවෙන අද වන් සමයෙක මෙන් ම, නුදුරෙහි එළඹිය හැකි සායක දී වුව කොස් ගස දෙවියෙකු වනවා නොවනුමාන ය.
කොස් ගෙඩිය හා බැඳි නම් රැසක් ජනවහරෙහි එයි. ඒවා කිහිපයක් මෙහි ලා පළ කරමි.
1. පොළොස් - ළපටි කොස් ඵලය
2. වංකොස් - පොළොස් තත්වයට පසු අවස්ථාව
3. ගැට වංකොස් - එම
4. පෙති වංකොස් - එම
5. බත් පොලොස්
6. දඬු පොලොස්
7. කොස් රූන් - ගෙඩි හටගැනීමෙන් ඇතිවන රිකිලි
8. කොස් පනාමල් - ගෙඩි ඉපදීමට පෙර බොරුමල්
9. කොස්මීයා - පුහු මල්
10. දුවා ගෙඩි - එක නැට්ටේ ඇතිවන දෙකකින් කුඩා ගෙඩිය
11. මොව ගෙඩිය - එම, විශාල ගෙඩිය
12. නලු ඇටේ - ඵලය තුළ ම පැල වන ඇටය
13. මිඟිණි - ළපටි කොස් ඇටය
24. කැකිරි වැල - පැත්තක් ඉදී පැත්තක් අමු මදුළු
25. නොහොර කොස් - හොඳින් තැම්බෙන කොස්
26. කොස් බුරුත්ත - කොස් පොකුර
27. කොස් හිවිඩ්ඩ - මදුලෙහි සිවිය
28. කොස් ඉරි - මදුලෙහි ඇති ගැලවී යන ඉරි
29. කොස් පිටොස් - කටුවට යටින් ඇති සුදු පැහැ කොටස
30. පෙරමස් ගහ - අවාරේ ගෙඩි හැදෙන කොස් ගස
31. මුත්තැස් ගහ - වාරය පසු වී ගෙඩි එන ගස
32. හමස් ගහ - එම
33. ඉක්කා මදුලු - ඇට රහිත මදුලු
34. කනමල් - එම
35. බඩ බොදු ඇට - පැලී ගිය කොස් ගෙඩිය
36. පත් ඉරි - ගණකම් කොස් ඉරි
37. හෙරලි
Nimesha Thiwankara
Nimesha Thiwankara II
Nimesha Thiwankara Senevipala

Comments
Post a Comment