1908 දි ගම්පොළ තොටුපොළ
1908 දි ගම්පොළ තොටුපොළ.
එහා ඉවුරෙ තියෙන්නෙ නාවලපිටිය පැත්තට යන පාර. කෝපි වගාවත් එක්ක ලංකාවෙ ප්රධාන ආර්ථික මර්මස්ථානයක් වෙන්න පින තිබුණ ප්රදේශයක් වුණත්, ඒ අවස්ථාව ගම්පොළින් මග හැරෙන්නේ අවාසනාවන්ත ආකාරයට.
අර පාර දිගේ තියෙන කරත්ත, ගම්පොළ ඉඳන් කොළඹට පටවන ඒවා. පාර හදන්න කපල තියෙන කන්ද වහගෙන දැන් ගොඩනැගිලි හදල තිබුණට, ඊට උඩ තැනක තමා 1803 රාජසිංහ රජ්ජුරුවො තාවකාලිකව ලැගුම් ඇරන් හිටියෙ. දුරින් පේන ගොඩනැගිලි මොනවද කියල හිතාගන්න අමාරුයි. මට හිතෙන හැටියට ඒ කෝපි ගබඩා වෙන්න ඕන. පුස්සැල්ලාව, උලපන ඇතුලුව වටේට ම වවපු කෝපි තොගත් ගම්පොළ දි එක්රැස් කරලයි කරත්තවලින් කොළඹ පැටෙව්වෙ.
ටිකක් විශාලෙට පේන උස ගොඩනැගිල්ල මොකක් ද? මගේ අදහස තමයි ඒ තියෙන්නෙ ශාන්ත අන්දෲ දේවස්ථානය කියල. මේ දේවස්ථානය 1864 දි යි ගොඩනංවන්නේ.
මේ වකවානුව වෙනකොටත් තානායමක් ගම්පොළ තිබුණා. ඒ කාලෙ තානායම් හැදුවෙ ප්රධාන මර්මස්ථානවල. වම් පැත්තෙන් මහවැලියට එකතු වෙන දියපහර තමයි උලපනේ ඉඳන් එන මැද ඇල හෙවත් කීරපන ඔය. වම් පැත්තේ යාන්තමට පේන කන්ද, අම්බුළුවාව.
මේ පිංතූරෙ පේන තොටුපොළ නිසා තමයි ගම්පොළට, ගඟ පොළ හෙවත් ගංගාවෙ නැවතුම කියන අදහසින් නම ලැබෙන්නේ. මේ සිතුවම අඳින වකවානුවේ මෙතන පාලමක් තිබුණේ නෑ. පාරුවලිනුයි එතෙර ගිහින් තියෙන්නේ. කෝපි අසාර්ථක වෙලා තේ වවන්න ගත්තට පස්සේයි පාලමක් හැදෙන්නේ. ඒ නුවරඑළියේ යන්න. හොඳට බැලුවොත් පෙනේවි පාරුවේ නංවල කරත්ත ගඟෙන් එහා පැත්තට කරවන හැටි. ඒ වගේම ගංගාවෙ නාන, පීනන මිනිස්සු.
©️නිමේෂ තිවංකර සෙනෙවිපාල
Nimesha Thiwankara
Nimesha Thiwankara II

Comments
Post a Comment