මහ වැදි රටේ කුකුළාපොල කිරිඅම්මාට යාදිනි
මහ වැදි රටේ කුකුළාපොල කිරිඅම්මාට යාදිනි ====================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල නුවර කලාවිය වගේ ම, ඌව-වෙල්ලස්ස කියන්නෙත් ලාංකීය සභ්‍යත්වයේ තවත් එක් වැදුම්ගෙයක්. නුවර යුගය වෙනකොට, බින්තැන්නේ මහ වැදි රට, වෙල්ලස්ස, පානම් පත්තුව වගේ කෑලිවලට කැඩිල දිසාවනි, රටවනි හැදුණාට ඌව-වෙල්ලස්ස කියන, ලංකාද්වීපයේ අග්නි දිග මහා තැනිතලාව මුලු ඉතිහාසෙ පුරාවට ම ලංකාවේ ප්‍රාණ නාළිය වෙලා තිබුණා. අටසිය දහ අටේ දි සුද්දව දණගස්සපු සිංහලේ මහා කැරැල්ලට පණ දීපු කරුමෙට යාය ගණන් කෙත් වතු ගිනි ලා ලා විනාස නොකරන්න, අද වෙනකොට ලංකාවෙ සශ්‍රීක ම භූමිභාගය වෙන්න තිබුණෙ ඌව වෙල්ලස්ස. ඌව වෙල්ලස්සේ, කොතැන බිම හෑරුවත් මතු වෙන්නේ ඉතිහාසය. ගහක් ගලක් ගානෙ ජනකතා ජනශ්‍රැති විතරක් නෙවෙයි, දෙවි දේවතාවොත් වැහි වැහැල. බණ්ඩාර හැටහත් කට්ටුවට වලංගු කෙරෙන බොහොමයක් දෙවිගොල්ල වැඩවසන්නෙත් මේ භූමි භාගයේ. ඌව වෙල්ලස්ස කියන්නෙ ම මහා පින්වන්ත පොළොවක්! ඌව වෙල්ලස්සෙ ඉන්නව කිරිඅම්මල හත් දෙනෙක්. ඉඳිගොල්ලේ කිරිඅම්මා, උනාපානේ කිරිඅම්මා, කන්දේ කිරිඅම්මා, දිවැස් කිරිඅම්මා, වෙල්ලස්සේ කිරිඅම්මා, බිලි කිරිඅම්මා සහ කුකුළාපොල කිරිඅම...