Posts

Showing posts from February, 2022

අවිහිංසාවාදයේ මව වූ කස්තුර්බා මැතිණිය

Image
අවිහිංසාවාදයේ මව වූ කස්තුර්බා මැතිණිය  ==================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි.  සිරගත ව සිටිය දී ම මරණයට පත් වූ, නිදහස් ඉන්දියාවේ මාතාවගේ 153 වැනි සැමරුම අද යි.  මහත්මා ගාන්ධි යනු අවිහිංසාවාදයේ පියා නම්, අවිහිංසාවාදයේ මව වන්නේ ඇය යි.  ගාන්ධි යනු නිදහස් ඉන්දියාවේ පියා නම්, නිදහස් ඉන්දියාවේ මව වන්නේ ඇය යි. ඉන්දියානුවන් විසින්, 'බාපු' හෙවත් 'පියතුමා' යනුවෙන් ආදරයෙන් ඇමතූ 'මහත්මා ගාන්ධි' විසින් සිය භාර්යාව ආමන්ත්‍රණය කරන ලද්දේ 'බා' හෙවත් 'අම්මා'යන ආදරණීය නාමයෙනි. ඇය 'ඉන්දියාවේ මව' ද වූවා ය. මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි (Mohandas karamchand Gandhi) හෙවත් මහත්මා ගාන්ධිගේ නීත්‍යනුකූල බිරිඳ වූ කස්තුර්බා ගාන්ධිගේ (Kasthurba Gandhi) 153 වැනි ගුණානුස්මරණය යෙදෙන්නේ පෙබරවාරි 22 වැනි අද දිනට ය.  ගාන්ධිගේ අවිහිංසාවාදී සටන් භාවිතාව, ලංකාවේ නිදහස් ව්‍යාපාරය කෙරෙහි ඇති කරන ලද බලපෑම සුළුපටු නොවේ. ලංකා ජාතික සංගමයේ අධිරාජ්‍ය විරෝධය කෙරෙහි ඉන්දියානු අවිහිංසා සටන්වලින් ලද ආදර්ශය කිසිලෙසකින් හෝ අවතක්සේරු නො කළ යුතු ය.  ඉන්දියාවෙන් පිටත...

නිදහස පතා සිදු වුණු ජනතා නැගිටීම් අට

Image
නිදහස පතා සිදු වුණු ජනතා නැගිටීම් අට =================================== අතීතකාමය ම මිස අපට ඇති ලබුකැටයක් නැත. අපි ‘අභිමානය’ යනුවෙන් වහරන්නේ එකී අතීතය ය. වර්තමානයේ අපට අභිමාන උපදවාගන්නට ඇති එක ම කාරණය වන්නේ, දශකයකට පමණ පෙර ලැබූ මිලිටරි ජයග්‍රහණය පමණි. ඒ නිසා, එය ද අපගේ ‘අභිමාන’ හේතුපාඨයක් බවට පත් ව තිබේ. අධ්‍යාපන, පරිපාලන, සෞඛ්‍ය, පොදු පහසුකම්, නීතිය, ආගම, සංස්කෘතිය, විද්‍යාව, තාක්ෂණය, ප්‍රවාහන ආදි කිසිවකින් අපට අභිමාන ඇති කරගැනීමට නොහැකි ය. එබැවින් අප, අභිමාන රහිත ජාතියකි. ඇත්තේ අතීතකාමයක් පමණි. අතීතකාමය, අභිමානයක් සේ වරදවා වහරමින්, අභිමාන උපදවා ගැනීම විනා අපට ඇති කෙංගෙඩියක් නැත. ගාලු මුවදොර හෝ නිදහස් චතුරස්‍රයේ ගමන් කරන හමුදා පෙළපාලියකින් අභිමානවත් වන්නට කැස කවනවා විනා, නිදහස් දිනය දා කියන්නට තරම් වටිනා දෙයක් අපට නැත. මෙය දශක හතක ශේෂ පත්‍රය යි. 1948 දී ඩොමිනීයන් තත්වයක් යටතේ අපට ලබාදෙන ලද්දේ, ඒ වන විට ආර්ථික හා දේශපාලනික වශයෙන් දුර්වල වූ ලොම් හැලුණු කිරීටයක භෞතික බලපෑමෙන් තරමක් දුරට නිදහස් වූ අර්ධ ස්වයං පාලන අයිතිවාසිකමක් පමණක් වන අතර, 1972 ජනරජකරණය තෙක් ම එම තත්ත්වය බලපැවතුණේ ය. 197...

ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙවි මහරාජොත්තමයාණන් වහන්සේ වෙත ලියා ඔප්පු කර හිටින වග නම්෴

Image
 ශ්‍රී වික්‍රම රාජසිංහ දෙවිමහරජ්ජුරුවන් වහන්සේ උකුත් වෙලා අවුරුදු 190 ක් පිරෙන්නේ අද දිනට ය. මේ පවත් ඒ වෙනුවෙන් ලියා දක්වන වගයි෴ පස්වාන්දහසකට දෙයියෝ බුදුවෙන්ඩ අවසරයි මහරජ්ජුරුවන් වහන්ස෴ බුදුන් සක්විත්තන් උපදනා දඹදිව් රටේ, මධුරා පුරේ උප්පත්තිය ලබා, මේ ශ්‍රීලංකාද්වීපයට වැඩම කරවලා සෙංකණ්ඩශෛලාභිධාන ශ්‍රීවර්ධන පුරේ කියන මේ ගලේ නුවර රජපදප්‍රාප්ත වෙලා තුන් සිංහලේටම දිවස් ලා යෙහෙන් වැඩ වදාළ ශ්‍රී වික්‍රම රාජසිංහ  අපගේ අන්තිම මහරාජොත්තමයාණන් වහන්සේට කියා ඔප්පු කරන වග නම්෴ එක්දාස් හත්සිය අනූ අට වරුසේ ඇසළ මාසේ විසි හය කියන තිථිය ලත් ගුරු දා රාජාධි රාජසිංහ දෙවි මහරාජොත්තමයා උකුත් උනායිං පස්සේ, පිලිමතලව්වේ දඹගමුවේ කියන නිලමක්කාරගොල්ලන්ගේ අත්ඉටිස්සරකමකින් වේවා වෙන යම් මායමකින් වේවා කන්නසාමි අස්ථාන කියන නුඹවහන්සේ මේ ශ්‍රී ලංකාද්වීපයේ  මහරජ්ජුරුවන් විදිහට ඔටුනු පැළැන්දාම, ඒ වෙද්දි මූදුකරේ රැකවල් ලාගෙන හිටපු ඕලන්දක්කාරයනුත් සලිත වුණාය෴ නාථ දෙවිහාමුදුරුවන්ගේ බැල්ම වැටී ශ්‍රී වික්‍රම රාජසිංහ දෙවි මහ රාජොත්තමයා කියන නම ලබා, උඩුනුවර, යටිනුවර, හේවාහැට, හාරිස්පත්තුව, තුන්පනේ කියන මේ කන්ද උඩ පස්...