Posts

Showing posts from August, 2021

දළදා පෙරහැරේ ගෙන යන ලේකම් මිටිය

Image
 ඡායාරූපයක කතාවක්! මේ ඡායාරූපය මෙතෙක් සමාජ මාධ්‍යයන් හි පළ වූවක් නොවේ. එය ඔබේ දැනුම සඳහා ය. වර්තමාන දළදා පෙරහැරේ පෙරමුණේ රාළගේ අතෙහි ඇත්තේ හිස් පිත්තල බටයකි.  එහෙත්  චිරාගත සම්ප්‍රදායානුකූල පෙරමුණේ රාල අත තිබිය යුත්තේ දළදා මාලිගාවේ නිලපංගු හා රාජකාරියට අදාල ලේකම් මිටිය ය. දැන් දළදා මාලිගාවේ ඉහළ සිට පහළ දක්වා කිසිවෙකුත් ලේකම් මිටියක් දැක ඇත් ද යන්න පවා සැක සහිත ය. දළදා පෙරහැර යනු සැණකෙලියක් හෝ මංගල්ලයක් (දළදා මාලිගාවෙන් ම කියන ආකාරයට) නොවේ. දළදා පෙරහැර යනු දළදා හාමුදුරුවන් වෙනුවෙන් රාජකාරිය කරන පංගුපේරුකාරයන් විසින් ඉටුකරනු ලැබූ උත්තරීතර පූජාවකි. මාලගම්මන, ඉහළවෙල, මොලගොඩ, හපුගොඩ, සිරිමල්වත්ත, වේගිරිය, මාමුඩාවෙල, තල්ගහගොඩ, යකාවෙල ආදී නා නා විධ ගබඩාගම්වාසී රාජකාරිකාරයන්, පංගුකාරයන් නොයෙක් දෙනා එකාවන් ව ඒකරාශී වී දළදා හාමුදුරුවන් උදෙසා සිය ගෞරව භක්තිය පුද කරන ලදී. මේ රාජකාරිකාරයන්ගේ වගතුග අන්තර්ගත වන්නේ දළදා මාලිගාවේ ලේකම් මිටියේ ය. පෙරමුණේ රාළ වශයෙන් එකල පෙරහැරේ ගමන් කරන ලද්දේ මහවාසල මහමොහොට්ටාල ය. දළදා මාලිගාවේ ලේකම් පවත්වාගෙන යන ලද්දේ ඔහු විසිනි.  මෙම ඡායාරූපයේ දැක්වෙ...

දළදා පෙරහැරේ අලි කුලප්පු පිළිබඳ ඉතිහාසය කෙටියෙන්!

Image
දළදා පෙරහැරේ අලි කුලප්පු පිළිබඳ ඉතිහාසය කෙටියෙන්! ===================================== මහනුවර රන්දෝලි පෙරහැරේ අලි කුලප්පු වීම් ගැන පළමු කතාව ආරම්භ වන්නේ 1959 දී ය. ඊට පෙර වකවානුවේ සිදු වූ එවැනි අලි කුලප්පු ගැන වාර්තා සපයාගැනීම දුෂ්කර ය. මහනුවර පෙරහැර යනු දළදා වහන්සේට කෙළින් ම සම්බන්ධ වන චාරිත්‍ර සමුදායක් වන බැවින්, එම පෙරහැරේ සිදු වන කවර හෝ බලපෑමක් සමස්ත රටට ම බලපාන්නේ යැයි පොදු ජන විශ්වාසයක් පවතී.  ඊට බලපෑ එක් ආශ්‍රේය සිදුවීමක් නම් හිටපු කතානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා සිය කතානායක අසුනේ සිටියදී ම (1951) මරණයට පත්වීමට බලපෑවේ, ඔහුගේ අණින් 1950 දී සිදු වූ සුප්‍රකට පනාමුරේ හස්තියාගේ ඝාතනය නිසා ඇති වූ සාපය බවට මතවාදයක් සමාජගත වීම යි.  1959 අගෝස්තුවේ සිදු වූ සුප්‍රකට අලි කලබලය, මහනුවර පෙරහැරේ සිදු වූ ඓතිහාසික අලි කලබලය යි. පහළොස් දෙනෙකුට මරණය ද දහසකට පමණ තුවාල ද සිදු කරමින් කලබල කරන ලද්දේ එස්. බී. උඩුරාවණ කෝරාළගේ රාජා නමැති තිස් පස් හැවිරිදි අලියා ය. යටිනුවර වීදිය ඔස්සේ අන්තිම රන්දෝලි පෙරහැර ගමන් කරමින් සිටියදී යට කී අලියාගේ පයට ගිනිගත් කොප්පරා කැබැලි පෑගීමෙන් ඌ කලබලයට ප...

අලි ඇතුන්ගේ නැටුම හෙවත් Zoochosis වන්නම

Image
 අලි ඇතුන්ගේ නැටුම හෙවත් Zoochosis වන්නම නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි  ============================= අලි අතුන් වනාහි ආකර්ෂණීය සත්ව විශේෂයකි. දීර්ඝකාලීන සංස්කෘතික සංචාරයේ සෑම කල් හි ම, ප්‍රවාහන, ආරක්ෂක සහ ආගමිකා අධ්‍යාශයන් සපුරාගැනීම වෙනුවෙන් අලි ඇතුන් වෙත සුවිශේෂී අගයක් ආරෝපණය වී ඇත. දේශීය වශයෙන් ද අලි ඇතුන් ආශ්‍රිත සංස්කෘතිය චිරාත්කාලයක් පැවතෙන අතර වර්තමානය වන විට ප්‍රවාහන සහ ආරක්ෂක යන අවශ්‍යතා දෙක ම ඉවත් වී ඇති නමුත් 'ආගමික' අවශ්‍යතාව යන්න පමණක් බරපතල ව ශේෂ වී ඇත. ඉතා ම සරළ ව කිවහොත් ප්‍රවාහන සහ ආරක්ෂක කාර්යයන් සඳහා අලි ඇතුන් යොදවාගැනීමෙන් අපේක්ෂා කළ කාර්යයන්, දියුණු තාක්ෂණික විකල්පයන් මගින් සංතෘප්ත වී ඇත්නම් ආගමික අවශ්‍යතා පමණක් අහිංසක තිරිසනුන් මගින් සපුරා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ මන්දැයි සාධාරණ ගැටලුවක් පැනනගියි. ඒ කෙසේ වෙතත් ආගමික අවශ්‍යතා සඳහා අලි ඇතුන් යොදවා ගැනීම පිළිබඳව කතා කරන විට ශ්‍රද්ධාවන්ත බෞද්ධයා බැතිබර වෙයි. විරෝධාකල්පධාරී සත්ව අහිංසාවාදීන් කෙරෙහි බලවත් උමතුවෙන් දොස් පවරයි. අලි ඇතුන් බොහෝ ප්‍රියමනාප අන්දමින් පෙරහැර සමය එළඹෙන තුරු බලාසිටින බවත්, කරඬුව කෙරෙහි...