Posts

Showing posts from August, 2022

රුවන්වැලි සෑ ගර්භයට පිවිසෙන රහස් උමග

Image
 රුවන්වැලි සෑ ගර්භයට පිවිසෙන රහස් උමග ===================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි. ලංකාවේ පූජනීය ම දාගැබ හැටියට සැලකෙන, අනුරාධපුරේ රුවන්වැලි සෑය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ. දුටුගැමුණු සහ සද්ධාතිස්ස කියන රජවරු දෙන්නා ම මේ මහා සෑයේ ඉදිකිරීමට හවුල්. නිර්මාණ කාලයේ ඉඳන් ම, රුවන්වැලි සෑය එක්ක අපූරු සාහිත්‍යයක් ගොඩ නැගිලා තියෙනවා. ඒක සමහර විට අතිශයොක්තිය වගේ ම, සමහර විට සත්‍යය මත යි ගොඩනැගිල තියෙන්නෙ.  රුවන්වැලි සෑයට පුදසත්කාර කරපු රජවරු අතර සුවිශේෂී ම කෙනෙක් තමයි, ක්‍රිස්තු පූර්ව 20 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 9 වෙනකම් රජ කරපු භාතිකාභය රජු. එතුමා, රුවන්වැලි සෑය අරභයා කරපු පුද පූජා ගැන වංසකථාවේ විශේෂ විස්තරයක් තියෙනවා.  දවසක් භාතිකාභය රජ්ජුරුවෝ මහා සෑයේ, නැගෙනහිර දොරටුවෙන් සෑ මළුවට ඇතුළු වුණා. ඒ වෙද්දී කරුවල වැටිලා තිබුණා ලා. භාතිකාභය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා. මේ වෙලාවේ, රජ්ජුරුවන්ට ඇහුණා කිසියම් පිරිසක් මිහිරි හඩින් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන් ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බ...

වසර පහක් වෙහෙස වී, මන්දාරම්පුර පුවතේ වෙනත් පිටපතක් සොයාගත් සැටි!

Image
 වසර පහක් වෙහෙස වී, මන්දාරම්පුර පුවතේ වෙනත් පිටපතක් සොයාගත් සැටි!  =================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල නුවර යුගයේ අප්‍රධාන ධාරාවේ ඉතිහාසය ගවේශනය කරන ඕනෑම කෙනෙකු විසින් අනිවාර්යයෙන් ම පරිශීලනය කළ යුතු මූලාශ්‍රයක් වන මන්දාරම්පුර පුවත, විශ්වාසනීය මූලාශ්‍රයක් හැටියට යොදාගන්නට බැරි බවට ආචාර්ය කිත්සිරි මලල්ගොඩ කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන මහාචාර්ය ගණනාථ ඔබේසේකර සමඟ කරපු සොයාබැලීමක් ගැන නන්දන වීරරත්න [Nandana Weerarathne] පසුගිය දා ක ලියලා තිබුණා.  ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ මන්දාරම්පුර පුවත සංස්කරණය කරලා, 1958 දී පළ කළාට, ඊට පාදක කරගත්ත පිටපත් ගැන ප්‍රාමාණික ඉදිරිපත් කිරීමක් කරලා නැහැ. නමුත් ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ තමන්ගේ පොතට ලියන සංඥාපනයේ ලියනවා, පුස්කොළ පිටපත් හයක් විතර පරිශීලනය කරලා තමන් සංස්කරණය කරපු විස්තරයක්. උන්වහන්සේ පරිශීලනය කළා ය කියන පුස්කොළ පිටපත් තිබුණා ය කියන්නේ අස්ගිරි මහා විහාරයේ.   සොයා ගනු ලැබූ කඩදාසි පිටපත මන්දාරම්පුර පුවත ගැන මගේ උනන්දුව ඇති වුණේ 2010-11 කාලේ දී වගේ. 2011 දී වගේ ‘දා හතර වැනි සියවසේ දොර උලුවහු’ ගැන කරපු ‘ගම්...