භාරතයේ බෝධිසත්වයා : ආචාර්ය අම්බෙද්කාර්
භාරතයේ බෝධිසත්වයා : ආචාර්ය අම්බෙද්කාර් අප්‍රේල් 14 වැනි දා, ආචාර්ය බී. ආර්. අම්බෙද්කාර් ශ්‍රීමතාණන්ගේ 131 වැනි ජන්ම සංවත්සරය යෙදෙන දිනය යි. වී. ටී. රාජශේඛර්ට අනුව, බුදුරජාණන් වහන්සේට පසුව ඉන්දියාව බිහි කළ ශ්‍රේෂ්ඨත ම මිනිසා මේ අම්බෙද්කාර් ය. හින්දුන් විසින් පවා මහත්මා ගාන්ධිට පසුව, වඩාත් ම ශ්‍රේෂ්ඨ ඉන්දියානුවා වශයෙන් සලකනු ලබන්නේ, ආචාර්ය අම්බෙද්කාර් සම්බන්ධයෙනි. සල්මන් රුෂ්ඩි සඳහන් කරන්නේ, අම්බෙද්කාර් යනු, දාලිත් නම් කුල හීන සමාජය තුළ අම්බෙද්කාර් කෙරෙහි ඇති පිළිගැනීම අභිමුඛයෙහි ගාන්ධි යනු ලිලිපුට්ටෙකුට සමාන වන බව යි. එබැවින් ඔහු පිළිබඳව කෙටි සටහනක් තැබීම මෙම අවස්ථාවේ වැදගත් වන්නේ අන් කිසිවක් නිසා නොව, සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා සංහිඳියා මාවතේ ගමන් ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඔහුගේ ජීවන වෘත්තාන්තය ඇසුරින් උගත හැකි නිසා ය. ඔහු හැඳින්වීම තනි වෘත්තීය නාමයකින් කළ නොහැක. ඉතිහාසඥයෙකු, ලේඛකයෙකු, දේශපාලනඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, බැරිස්ටර්වරයෙකු, සමාජ ශෝධකයෙකු, ගුරුවරයෙකු, න්‍යායාචාර්යවරයෙකු ආදි වශයෙන් කවර ආභිධානයකින් ව්‍යවහාර කරනු ලැබූව ද, ‘ශ්‍රේෂ්ඨ ඉන්දියානුවෙකු...