Posts

Showing posts from December, 2023

ලක්දිව භික්ෂු සංඝයා හිස්වැසුම් පැළැන්දා ද?

Image
 ලක්දිව භික්ෂු සංඝයා හිස්වැසුම් පැළැන්දා ද? ==================================== බුරුමයේ අරි භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කලුපහණ පියරතන (Kalupahana Piyaratana) හිමියන් විසින් වැදගත් සදහනක් කර තිබූ අතර, ඊට අනුශාංගික වශයෙන් කෙටි සටහනක් එකතු කරමි. බුරුමයේ ‘අරි’ නමින් හදුන්වන භික්ෂු සම්ප්‍රදාය තන්ත්‍රයානය පදනම් කරගත්තක් වන අතර, පියරතන හිමියන්ගේ ලිපියෙහි ඉස්මතු කර තිබූ වැදගත් කරුණක් වන්නේ, එම නිකායේ භික්ෂුන් විසින් හිස් වැසුම් පළදින බව යි. මෛත්‍රීය බෝසතුන් වන්දනා කරන ‘අරි’ යනුවෙන් හැදින්වෙන භික්ෂුන් පමණක් නොව, ජපානයේ ද මහායාන භික්ෂුන් හිස් වැසුම් භාවිත කිරීම සුලබ දසුනකි. එය ‘තෙංගායි’ (Tengai) යනුවෙන් හැදින්වෙයි. එය වියනු ලබන්නේ බට පතුරු වලිනි. ලංකාවේ ද එවැනි හිස් වැසුම් පළදින භික්ෂු සම්ප්‍රදායක් පැවති බවට ඇතැම් මූලාශ්‍ර අනුසාරයෙන් පෙනී යයි. වර්ෂ 1697 දී සිදු වූ දෙවැනි රක්ඛංග උපසම්පදාව සම්බන්ධයෙන් පවතින වැදගත් මූලාශ්‍රයක් වන, කඩදොර සන්නස මේ පිළිබදව වැදගත් තොරතුරක් ඉදිරිපත් කරයි. “භුලෝකපුරන්දර වූ විමලධර්මසූරිය මහ රාජොත්තමයාණන් වහන්සේ තුන් රජෙහි සේනාව හා සමග මහත් පූජොත්සවයකින් මළුකම් පූජ...