අටමස්ථාන සභාව, බෝ මලුවේ නායක පදවිය සහ අටමස්ථානාධිපති තනතුරු පත් කිරීමේ පිළිවෙල
පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ බෝමලුවේ විහාරාධිපති තනතුර සහ අටමස්ථානයේ නායක පදවිය වෙනුවෙන් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් තෝරා පත් කරගෙන ඇත. මෙම පත්කිරීම් ක්‍රමවේදය දීර්ඝ ඓතිහාසික පසුබිමක් සහිත වන අතර, එම ඓතිහාසික පසුබිම වෙනුවට, එම පදවියට පත් කිරීම් පිළිවෙල පිළිබඳ ව සංක්ෂේපයෙන් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ යි. 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත යටතේ බෞද්ධ විහාරයන් හි පරිපාලනය සිදු කරන නිල දෙකක් පවතියි. එකක් විහාරාධිපති තනතුර යි. දෙවැන්න භාරකාර තනතුර යි. පනතේ 4(1) වගන්තිය යටතේ දේපල පරිපාලනය සඳහා භාරකරුවන් පත් කරනු ලැබිය හැකි සිද්ධස්ථාන හැරුණු කොට, සෙසු සියලු ම සිද්ධස්ථාන කෙරෙහි අදාළ වන්නේ පනතේ 4(2) වගන්තිය යි. විහාර දේවාලගම් ආඥා පනත මගින් වෙසෙසි කොට දක්වනු ලබන සිද්ධස්ථාන තුනකි. ඒවා නම්, දළදා මාලිගාව, අටමස්ථානය සහ ශ්‍රීපාදස්ථානය යි. මෙම ස්ථාන ත්‍රිත්වය සඳහා භාරකරුවන් හෙවත් පරිපාලකයන් පත් කරගැනීමේ ක්‍රමවේද, 4(1) යටතේ ආවරණය වන සෙසු සිද්ධස්ථාන (විහාර/දේවාල) වලට වඩා වෙනස් ය. ඉන්, අනුරාධපුර අටමස්ථානයේ භාරකාගර පදවිය සම්බන්ධව පනතේ 9 වන වගන්ත...