උඩරට රජුන්ගේත්, හන්දුරුවන්ගේත් සැට්ටය හැඩ කළ මන්තය
උඩරට රජුන්ගේත්, හන්දුරුවන්ගේත් සැට්ටය හැඩ කළ මන්තය ===================================== නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි ===================================== වර්තමානය වන විට උඩරට සාම්ප්‍රදායික ඇඳුම සමඟ මන්තය යොදන බවක් අප දකින්නේ නැත. එහෙත් එහි මුල් අවදියේ මන්තය, එම ඇඳුමේ මූලිකාංගයක් වශයෙන් භාවිත වූ බව පෙනෙන්නට තිබේ. සැට්ටයේ කර වටා සම්පූර්ණයෙන් ම ආවරණය වන සේ අඩියකට මදක් වැඩි විශ්කම්භයකින් යුතු රැලි මන්තයක් මුල් අවදියේ භාවිත වුවත්, 1800න් පමණ පසුව එය අඩ මන්තයක් ලෙස භාවිත වන්නට පටන් ගත්තේ ය. එසේ තිබූ මන්තය 1900න් පමණ පසු සම්පූර්ණයෙන් ම උඩරට ඇඳුමෙන් ඉවත් වූ අතර, වර්තමානයේ එවන් මන්ත භාවිතයක් පැවති බව හෝ දන්නේ අල්ප වූ පිරිසක් පමණි. උඩරට සැට්ටයට ඉහාලින් ගෙල වටා වැසී යන සේ රැළි මන්තය යෙදීමේ ආරම්භය වන්නේ කෝට්ටේ යුගයේ අග භාගයේ යි. සිංහල හන්දුරුවන්ගේ වස්ත්‍රය සකස් වීම කෙරෙහි සාධනීය බලපෑමක් කෝට්ටේ යුගයේ දී ලැබුණු අතර, ඉන් එකක් වූයේ යට කී මන්තය එකතු වීම යි. ඊට බලපෑවේ, සමකාලීන ප්‍රතිකාල් ප්‍රධානීන් විසින් භාවිත කරන ලද Ruff නම් කපු රෙද්දෙන් සකස් කළ කරවට වැස්ම යි. මෙහි ආරම්භය ස්පාඤ්ඤයේ සිදු ...