දියසේන මිත්‍යාව එදා සහ අද!
දියසේන මිත්‍යාව එදා සහ අද! ======================== නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි ලංකාද්වීපය බේරාගැනීමටත්, සුඛිත මුදිත කිරීමටත් පහළ වන්නේ යැයි කියන, 'දියසේන' නම් කුමාරයකු පිළිබඳ ලංකා ජන සමාජයේ මුල්බැස ඇති කුමක්දෝ ප්‍රවාදයක් නිසා වරින් වර නොයෙක් සේන ලා රජ කරවා මහත් අගතියක් අත් කරගන්නට මේ අවාසනාවන්ත රටට සිදු ව තිබේ. එබැවින්, දියසේන කතාවේ පූර්වාපරසන්ධි ගලපා හුදී ජන මිත්‍යාදුර්මතය පහකරවීම ඉතා වැදගත් ය. ඇත්ත වශයෙන් ම, මේ දියසේන කතාව පිළිබඳ පළමුවරට ලිඛිත සටහනක් හමුවන්නේ 15 වැනි ශතවර්ෂයේ ය. කෝට්ටේ ස වන පරාක්‍රමබාහු (1402-1467) පාලන සමයේ ලියැවිණැයි කියනු ලබන පැරකුම්බා සිරිත නම් රාජවර්ණිත කාව්‍යයයෙහි 116 වැනි පද්‍යය මෙසේ ය. "කියග මගිය එනු කොහි සිට දද සමනොළ ගොසිනා නොය කියමුතු එදිගැ බමුණැ සුමන සුරිඳු විසිනා ගිය කල දෙදහස් පන්සිය රජකු එතැයි දියනා කියවිණි තන්වැසිය එනම් පැරකුම් රජ මෙදිනා” මේ කියන අන්දමට (බුද්ධොප්පාදයේ පටන්) වසර දෙදහස් පන්සියයක් ගිය තැන 'දිය නා' නම් රජෙකු එතැයි ප්‍රවාදයක් එවක සමාජයේ පැතිර තිබූ බවත්, ඒ රජ වනාහි ස් වන පරක්‍රමබහු ම බවත් ඉන් කියාපායි. පැරකුම්බා සිර...