Posts

Showing posts from October, 2019

Nimesha Thiwankara's New Books

Image
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මගේ නව ග්‍රන්ථයන් හි පිටපත් පිළිගැන්වීමි. ඊට එක් විශේෂ හේතුවක් තිබේ. දළඳා මාළිගාව ඉලක්ක කරමින් 1998 ජනවාරි 25 වැනිදා එල්ල කළ කොටි බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එම ස්ථානයට මුලින් ම පැමිණි එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කොටි සංවිධානයේ එම පහත් ක්‍රියාව හෙළාදකිමින් පළමු මාධ්‍ය නිවේදනය ද නිකුත් කළේ ය. 1998 ස්වර්ණ ජයන්ති නිදහස් උළෙල මහනුවර මහමළුවේ පැවැත්වීමට මුල සිට ම විරුද්ධ වූ ඔහු බෝම්බ ප්‍රහාරයෙන් පසුව, ඊට වගකිව යුතු පාර්ශ්ව වෙත සෘජුව ම පහරදුන්නේ ය. දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න සහ එවක විපක්ෂ නායකවරයා අතර තිබූ කිට්ටු සම්බන්ධතාව නිසා, කළ පළිගැනීමක් ලෙස දළඳා මාළිගාව නැවත ගොඩනැගීම සඳහා කිසිදු මූල්‍ය අනුග්‍රහයක් එවක චන්ද්‍රිකා මැතිණියගේ රජයෙන් ලැබුණේ නැත. 2002 දී එක්සත් ජාතික පක්ෂ රජය පත්වී දෙවැනි වරට අගමැති බවට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් මුදල් වෙන්කොට, සිය රජයේ පළමු කාර්යය වශයෙන් දළඳා මාලිගාව ප්‍රතිසංස්කරණය සඳහා මාළිගාවේ අරමුදල්වලින් යෙදවූ වියදම් ප්‍රතිපූරණය කළේ ය. පල්ලේක...