සෙංකඩගල නුවර උපත - නුවර කියැවීම 01
සෙංකඩගල නුවර උපත ලංකාවේ අන්තිම රාජධානිය වූ මහනුවර රාජධානිය එදා හැදින්වුණේ සෙංකඩගල නොහොත් සෙංඛණ්ඩ ශ‍්‍රී ශෛලාභිධාන ශ‍්‍රීවර්ධනපුර යන නමින්. කුරුණෑගල විස්තරය වැනි පැරණි විත්ති පොත්වල කියවෙන ආකාරයට දඹදෙණියේ දෙවැනි පරාක‍්‍රමබාහු (1236 - 1270) රජතුමාගේ මහසෙනෙවියා වුණ සිරිවර්ධන සේනාපති විසිනුයි මේ නගරය ගොඩනංවලා තියෙන්නේ. එහෙම වුණත්, ඊට බොහෝ කාලයකට පෙර සිට ම මේ ප‍්‍රදේශයේ විශාල ජනාවාස සංඛ්‍යාවක් ව්‍යාප්ත වෙලා තිබුණ බව ඉතා ම පැහැදිලි යි. ලංකාවේ ඉතා ම පැරණි ලෙන්ලිපි ගණනාවක් මහනුවරට නුදුරු වේගිරිය, හිදගල, බඹරගල වගේ ස්ථානවලින් හමුවෙනවා. ඒ කෙසේ වෙතත්, ඓතිහාසික ලේඛන සම්ප‍්‍රදාය ගැන සලකන විට බහුලව සදහන් වන්නේ මේ නගරය දඹදෙණි යුගයේ කරවූ බවට පළවන ප‍්‍රවෘත්ති. දඹදෙණි නුවර සහ යාපානුවර (යාපහුව) ගොඩනැංවූවාට පසුව කන්ද උඩරට ප‍්‍රදේශයේ හිටපු මිනිස්සු ඇවිත් දඹදෙණියේ පරාක‍්‍රමබාහු රජතුමාගෙන් ඉල්ලීමක් කරනවා, තමන් වාසය කරන ප‍්‍රදේශයටත් නුවරක් කරවලා දෙන්න කියලා. ඒ අනුව තමයි දඹදෙණියේ හිටපු සිරිවර්ධන සෙනෙවියා ප‍්‍රමුඛ විවිධ කුලවලට අයත් නොයෙක් දෙනා ගෙනැවිත් සිරිවර්ධනපුරය ගොඩනංවන්නේ. මේ ආකාරයෙන් ගොඩනගපු සිරිවර...