ඉංගිරිසි බළඇණියේ මහනුවර යුද සැරිය
ඉංගිරිසි බළඇණියේ මහනුවර යුද සැරිය ----------- නිමේෂ තිවංකර සෙනෙවිපාල අදින් හරියට ම අවුරුදු 218 කට පෙරාතුව, මහනුවර රාජධානිය සියතට ගැනීම පිණිස ජෙනරාල් වෙමීස් විසින් සැලසුම් කරන ලද හදිසි ආක්‍රමණය පිළිබඳ සැලසුම අවුල් වී යාමෙන්, මඩකලපුව කොටුවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ කපිතාන් ආතර් ජොන්ස්ටන් පත්වූයේ බලවත් අන්තරාවකට ය. 305 දෙනෙකුගෙන් සමන්විත වූ කුඩා සේනාංකයක් සමඟ 1804 සැප්තැම්බර් 20 වැනි දා මඩකලපුවෙන් පිටත් වූ ඔහු, දින 16 ක ඇවෑමෙන් ඔක්තෝබර් 6 වැනි දා මහනුවරට පැමිණියේ ය. දින දෙකක් නගරය අල්ලාගෙන සිටි ඔහු, අනපේක්ෂිත බියජනක අත්දැකීම් රැසකට මුහුණ දෙමින් සිටි ඔහු, ත්‍රිකුණාමලය දක්වා දුෂ්කර පසුබෑමක් සඳහා සිය බලඇණියට නියෝග දුන්නේ ය. මේ දුෂ්කර සංග්‍රාමික අත්දැකීම සම්බන්ධයෙන් කපිතාන් ආතර් ජොන්ස්ටන් විසින් ලියා, 1810 දී ලන්ඩන් හි දී පළ කරන ලද, Narrative of the operations of a detachment in an Military Expedition to Candy කෘතිය, 1815 මහනුවර ආක්‍රමණය සඳහා බ්‍රිතාන්‍යය හමුදාවන්ට අත්පොතක් වූ බව පෙනේ. මෙම දුර්ලභ ඓතිහාසික කෘතිය පළමුවරට සිංහලයට නඟන්නට ලැබීම අප ලැබූ භාග්‍යයක් සේ හැඟේ. එය නුදුරු...