Posts

Showing posts from June, 2020

බණ්ඩාරලාගේ වගතුග

Image
බණ්ඩාරලාගේ වගතුග ==================== නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන අතර, එම නාමයේ ආරම්භයක් හෝ විකාශනයක් ගැන ස්ථිර මතයක් තවමත් ගොඩනැගී නැත. කෙසේ වෙතත්, බණ්ඩාර යන නමින් ම යමෙක් උඩරට වැසියෙකු යැයි ගම්‍ය වේ. මේ බණ්ඩාරලා ගැන විද්වතුන් අදහස් පළ කර ඇතත් ඒවා එතරම් තාර්කික ප්‍රවේශයන් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස ආචාර්ය පරණවිතානගේ මතය වනුයේ පැරණි අභිලේඛණයන් හි එන, 'බඩගරික' යන්නෙන් 'බණ්ඩාර' යන්න සම්භවය වී ඇති බවත්, ඇතැම් විට මැලේසියානු 'භණ්ඩාර්' යන නාමයෙන් තත්සම වන්නට ඇති බවත් ය. මේ මතයට දෙස් දෙමින්, මහනුවර යුගයේ 'බණ්ඩාරගම්' යනුවෙන් මහා භාණ්ඩාගාරයට ආදායම්/සම්පත් රැස් කළ ගම්බිම් පැවති බවත් දක්වනු ලැබේ. එම ගම්මාන 'ගබඩාගම්' යනුවෙන් ද ව්‍යවහාර වේ. 'බණ්ඩාර' යන්න ද්‍රවිඩ 'පණ්ඩාරම්' යන්නෙන් සකස් වූවා වන්නට ද පිළිවන. හින්දු පණ්ඩාරම්ලාගේ කාර්යය වූයේ කෝවිල්වලට මල් අඩුක්කු කිරීම ය. අරාබියාවේ ද 'පන්දාර්' යනුවෙන් රාජවංශයක් පැවතුණි. මේ හැරුණු විට 'බණ්ඩ...